පෘථවියේ අනාදිමත් කාලයක සිට පරම්පරා ගණනාවක් පුරා මිනිසාගේ නළලේ රැළි නැඟෙන පිළිතුරු රහිත ජනප්රිය ධාරාවේ ප්රශ්නයක් තිබේ. එනම් අප මේ විශ්වයේ තනිද? එසේත් නැත්නම් මිනිසුන් හැර වෙනත් ජීවින් කණ්ඩායමක් සිටිත්ද? යන ගැටලුවයි. මෙම ප්රශ්නයෙන් දැවැන්ත ලෙස පීඩා විඳීන්නේ විද්යාඥයන්, ලේඛකයන් සහ චිත්රපට අධ්යක්ෂවරයන් ය. පිටසක්වළ ජීවින් පිළිබඳ වඩාත් උනන්දු අධ්යක්ෂවරයෙක් ලෙස හොලිවුඩයේ මහා සිනමාකරුවන “ස්ටීවන් ස්පීල්බර්ග්” විසින් අවස්ථා කිහිපයකදී පිටසක්වළ ජීවින් පිළිබඳ චිත්රපට කිහිපයක් අධ්යක්ෂණය කර ඇත.
ඉන් පළමු අවස්ථාව වන්නේ වර්ෂ 1977 දී තිරගත වූ”Close Encounters of the Third Kind” චිත්රපටයයි. ඉන්පසුව ස්පීල්බර්ග් විසින් අධ්යක්ෂණය කළ වර්ෂ 1982 දී “E.T. the Extra-Terrestrial” චිත්රපටය ප්රේක්ෂකාගාරය අතර ජනප්රිය චිත්රපටයක් බවට පත්විය. අවුරුදු ගණනාවකට පසුව ස්පීල්බර්ග්ට නැවතත් අවශ්යය වෙනවා පිටසක්වළයන් පිළිබඳ වෙනස්ම ධාරාවේ චිත්රපටයක් කරන්න. ඒ එච්.ජී වේල්ස් විසින් රචනා කළ විද්යා ප්රබන්ධ නවකතාවක් ඇසුරින් 2005 වසරේදී තිරගත වූ “War of the Worlds” චිත්රපටය. ස්පීල්බර්ග් විසින් මෙම චිත්රපටය හරහා පිටසක්වළයන් නිරූපණය කළේ ලෝකය විනාශ කරන මිලේච්ජසහගත ආක්රමණියන් ආකාරයෙනි.
ස්පීල්බර්ග්ගේ නොනැසෙන පිටසක්වළ ආශාව යළිදු අවුස්සාලමින් චිත්රපටයක් නිර්මාණය කළේය. මේ වසරේ තිරගත වූ “Disclosure Day (සත්ය හෙළිකරන දිනය)” චිත්රපටය හරහා ස්පීල්බර්ග් විසින් පිටසක්වළ ජීවින් පිළිබඳ සංවේදී දෘෂ්ටියකින් හුවා දක්වා ඇත. රජය ප්රමුඛ රහසිගත සංවිධානයක් විසින් මිනිස්සුන්ගෙන් වසන් කරන විශාල රහසක් හෙළිදරව් කරන්නට දරන උත්සාහයක් පිළිබඳ කතාවේ දැක්වෙයි. පිටසක්වළ ජීවින් යනු හොලිවුඩ් සිනමා ආඛ්යානකරුවන් චිත්රපට දහස් ගාණක පමණ වටිටෝරුගතකළ සංකල්පයකි. සිනමාපටයේ මෙම පිටසක්වළයන් පිළිබඳ සංකල්පය ඇමරිකානු රජය සමඟ සම්බන්ධ කරන්නට සිනමාකරුවා උත්සාහ දරා තිබේ. සිනමාපටයේ කැපී පෙනෙන ආනුෂංගික අංශ ද්විත්වය වන්නේ කැමරාකරණය සහ සංස්කරණයයි.
ස්පීල්බර්ග් විසින් තිර පිටපත සඳහා ලියූ කතාව ((Plot) ප්රේක්ෂකාගාරය වෙත පැවසීමට කුතුහලය (Thriller) උපයෝගී කරගෙන ඇත. චිත්රපටය ආරම්භයේදී ප්රේක්ෂකාගාරය පැහැදිලි වන්නේ නැහැ, මෙම රහස කුමක්ද? යන වග. සිනමාකරුවා විසින් අලංකාර ලෙස කුතුහලය ටිකෙන් ටික වැඩ කරමින් අබිරහස හෙළිදරව් කරන්නට සමත් වෙනවා. චිත්රපටයේ ප්රධාන නිළිය ලෙස රඟපාන්නේ එම්ලි බිලින්ට් ය. එම්ලි විසින් චිත්රපටයේ නිරූපණය කරන චරිතය අපූරු ය.science fiction – thriller – mystery ශානරයේ චිත්රපට නරඹන්න රුචි ප්රේක්ෂකාගාරයට “ඩිස්ක්ලෝසර් ඩේ” යනු කදිම චිත්රපටයකි.
පිටපත : මලින්ත විතානගේ