මහානුභාව සිනමා කෘතියට පණදුන් අසහාය තිරනාටක ශිල්පියා– Mank
මෙම සම්මාන රාත්‍රියට වේල්ස් පැමිණෙන්නේ නැත. එනමුත් සම්මානය ලබා ගත්තේ මාන්කිවික්ස් ය. “මාන්ක්” යන සුරතල් නමින් හැඳීන් වූ හර්මන් ජේ. මාන්ක්වික්ස් නම් මැදිවයස් පුද්ගලයා “සිටිසන් කේන්” සිනමාපටය හරහා මහත් කීර්තියට පත්වන අතර එහි තිර නාටකය, ඔහු විසින් රචනා කරන ලදැයි හර්මන් දැඩිව කියා සිටියේය. එයට ඔිසන් වේල්ස් ගේ පිළිතුර වූයේ” මම කවදාවත් මාන්ක්වික්ස්ගේ තිර රචනයේ කිසිම දෙයක් ලිව්වේ නැහැ. මාන්ක් මගේ තිර රචනයේ ලිවිවෙත් නෑ. යනුවෙනි. කෙසේ හෝ වේවා හර්මන් හා වේල්ස් යළි කිසිකලෙකදු එකට වැඩ කළේ නැත.
ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට වූ “ගර්ල් ක්‍රේසි ලාෆ්ටර් හා ඩිනර් ඇට් රයිට්”, “රයිස් ඇන්ඩ් ෂයින්”, “ද ප්‍රයිඩ් ඔෆ් ද යැන්කීස්”, “ද ස්පැනිෂ් මෙන්” වැනි චිත්‍රපට රැසකම තිර රචකයා වූයේ හර්මන් ය. හර්මන් දැඩි මත්පැන් ලෝලියෙකි. අංක එකේ බේබද්දෙකි. සිටිසන් කේන් සදහා පාදක වූ “විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට්” හා ඔහුගේ පෙම්වතිය වූ සුප්‍රකට සිනමා නිළියකව සිටි “මේරියන් ඩේවිස්” විසින් සංවිධානය කරන ලද සාදයකට ආරාධිතයකු වූ හර්මන් එහිදී කරටි කැඩෙන්නට මත්පැන් බී කෙළින්වත් ඇවිද යා ගත නොහැකි වන ආකාරයෙන් හැසිරුණ අතර සාදය මැදම වමනය කළ බව එකල හොලිවුඩයේ ප්‍රබල මාතෘකාවක් විය. එම රසවත් සිදුවීම “Mank” චිත්‍රපටය තුළ අපුරුවට දැක්වෙයි. එම සාදය පැවැත්වූයේ හර්ස්ට් විසින් එම්.ජී.එම් හෙවත් හොලිවුඩ් සම්භාව්‍ය යුගයේ අති දැවැන්ත වු මෙටිරෝ ගෝල්ඩන් මේයර් සමාගමේ සභාපති ලුවී බී.මේයර්ගේ උපන්දිනය සැමරීමට ය.
සිටිසන් කේන් චිත්‍රපටයේ තිර නාටකය ලියන්නට හර්මන්ට පැවරෙන විට ඔහු මෝටර් රථ අනතුරකින් වම්පය කඩා ගෙන එක් තැන් ව සිටියේය. මේ වන විට චිත්‍රපටය කල්යෑම නිසා ආර්.කේ.ඕ. නමි ජර්මානු සිනමා සමාගම වේල්ස්ට යොදවන්නට සිටි මුදල් ද යෙදවීම ප්‍රතික්ෂේප වන තැනට වැඩ සිද්ධ වී තිබිණ. ඔර්සන් වෙිල්ස්ගේ “මර්කරි” නිෂ්පාදන සමාගමේ පිරිසට මුදල් ගෙවිය නොහැකි බව සමාගම වේල්ස්ට අනතුරු හැඟවූයේය.
කකුල කඩා ගත් හර්මන් සිය භාර්යාව වූ සාරා සමඟ ජෝන් ෆෝඩි අධ්‍යක්ෂණය කළ “ස්ටේජ් කෝච්” චිත්‍රපටය රූප ගත කළ කැලිෆෝනියානු ප්‍රදේශයේ නිවසකට ගියේ හවුස්මාන් සමඟය. තිර නාටකය ලියන අතරතුර සතියකට ඩොලර් දහස බැගින් හර්මන්ට ගෙවන අතර එයට අමතර පාරිතෝෂිකයක් ලෙස තවත් ඩොලර් පන් දහසක් ද ගෙවීමට එකඟ විය. එයටත් වඩා හර්මන්ගේ ඉල්ලීමක් විය. ඒ ඉස්තරම් වර්ගයේ ස්කොච් විස්කි බෝතල් දුසිමක්, එයට අනුපාන ද හොඳ ටයිප්රයිටරයක් හා ඉක්මනින් ටයිප් කළ හැකි හැඩකාර යතුරු ලියන්නියක් ය.
හොලිවුඩයේ නමගිය සිනමාකරැවකු වු ඩේවිඩ් ෆින්චර් මෙි සුප්‍රසිද්ධ කතාන්තරය සිනමාවට නඟා ඇත්තේ අති දැවැන්ත ආකාරයෙනි. මන්ද ලියුම්කරු එසේ කියන්නේ 1930 වැනි දශකයක් නිරූපණය කිරීමට ෆින්චර් ගෙන ඇති නිර්මාණාත්මක උත්සාහයේ ඇති වෙහෙසකර, මහන්සිය මුළු චිත්‍රපටය පුරාම කැපී පෙනෙයි. විශේෂයෙන් එම යුගය නියෝජනය කරන හැඳී ගෑරුප්පුව, වයින් බඳුන, ඇඳුම් පැලඳුම්, වස්ත්‍රාභරණවල සිට මහා පරිමාණ ගොඩනැගිලි දක්වා ම ෆින්චර්ගේ උත්සාහයට අපමණ අගයක් ලැබෙන්නේ ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම නිෂ්පාදන සැලසුම්කරණයට (Best Production Design) හිමි සම්මානයට පාත්‍ර වීමෙනි. විශේෂයෙන් මාන්ක් චරිතය ඔපමටිටම් වී තිබෙන්නේ විශිෂ්ට රංගධරයකුවන “ගැරී ඔීල්ඩ්මාන්ගේ” රංගනය පමණක් නිසා නොව ඔහුට අනගි සහයක් ලබා දී ඇති ආලෝකකරණය සහ වස්ත්‍රාභරණ සහ වේශ නිරෑපණ ශිල්පයයි.
සිනමාපටය සිනමා වැඩබිමක් බවට පත්කර ඇති අති විශිෂ්ට ආලෝකකරණය සහ කැමරාකරණය චිත්‍රපටය සිනමාකෘතියක් බවට නිරායාසයෙන්ම පත් කර ඇත. සිටිසන් කේන් තුළ දුටු ආලෝකකරණ රටාව එපරිද්දෙන්ම ඩේවිඩි ෆින්චර් තම චිත්‍රපටය කෙරෙහි යොදාගෙන තිබෙි. නිදසුනක් ලෙස මාන්ක් ජීවත්වන නිවසේ අභ්‍යන්තරය ආලෝකවත් කර තිබෙන ආකාරය නිරික්ෂණය කළ හැකි ය. ජනෙල් කවුළු මතින් පෙරී එන ආලෝක ධාරාවන් නිතැතින්ම සිටිසන් කේන් ආලෝකකරණ විධි සිහිපත් කරයි.
ඒ අනුව අපගේ අවධානය නිශ්චිතවම යටකී ජනෙල් කවුළුව වෙත යොමු කෙරේ. එබැවින් මාන්ක් ජීවත්වන නිවෙස චිත්‍රපටය තුළ ඉතා වැදගත් තැනක් ගන්නා බවක් අපට හැඟී යයි. රූපරාමුවෙි හතර කොණ සලකුණු කිරීම හෙවත් වස්තු සංවිධානය හෙවත් සංරචනය (omposition) විශිෂ්ට ය. ෆින්චර් මෙහි දී රූප සංවිධානය, ආලෝකකරණය, චරිත නිරූපණය, මිසෝන් සේන් ශිල්ප භාව්තාව හා අශුභ බව හඟවන සංගීත ඛණ්ඩ සහ කළු – සුදු වර්ණ භාවිතාව යොදා ගනී. “මාන්ක්” විශිෂ්ට ය. සිටිසන් කේන් නැරඹුවකු නම් “මාන්ක්” නොපැකිළව නැරඹිය යුතුම චිත්‍රපටයකි. ෆින්චර් මෙය නිර්මාණය කළේ සිටිසන් කේන් සිනමාලෝලීන්ට ය. මෙය ඔබ නරඹන්නේ නම් ප්‍රථමයෙන්ම සිටිසන් කේන් නැරඹිය යුතු ය. එය පිළිබඳ දැනකියා ගෙන තිබිය යුතුම ය.
පිටපත : මලින්ත විතානගේ